අතරමං වූ කවියක්...

මම ඉස්සර ලියපු කවි ගොඩක් ඇති තැන් තැන් වල. දැන් ඒව හොයල, හමස් පෙට්ටියෙන් එලියට අරගෙන දූවිලි ගසල බ්ලොග් එක තුල සංරක්ෂනය කරන්න ඕන. මම මැරුනු කාලෙක වත් කවුරුහරි කියවන්නෙ නැතෑ... මා අතින් ලියවුනු කවි අතරින් මම වඩාත්ම කැමති කවියක් මේ... මගෙ ජීවිතයට ගොඩාක් සමීප, මා ගැන සත්‍ය කියවෙන, අදටත් අසත්‍ය බවට පත් නොවුන කවියක්...

කා බී නටන හිනැහෙන මිතුරන් අතර
සෙනගින් පිරි රියක ගමනක් යන අතර
දෙනෝ දහක් ගැවසෙන සුවිසල් නුවර
මා තනිවූ බවක් මට වැටහෙයි නිතර

ඔය කවිය මම ලියල ගොඩක් කල්. ඒත් ඔය කියන තනිකම තවම මට බොහෝ වෙලාවට දැනෙනව. ඒකට හේතුව කාත් කවුරුවත් නැතිකම නෙවෙයි. ඉන්න හුඟක් අයට මාව තේරුම් ගන්න බැරි කම. මම කරුණාවන්තයි කියල හිතාගෙන ඉන්න අය දන්නෙ නෑ මට කොයි තරම් නපුරු වෙන්න පුලුවන්ද කියල... මම නපුරුයි කියල හිතා ගෙන ඉන්න අය දන්නෙ නෑ මගෙ හිත කොයි තරම් මුදු මොළොක්ද කියල. මගෙ හැම ගතිගුණයක් ගැනම කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි. තවම කිසිම කෙනෙක් සම්පූර්ණ මාව දැකල නෑ. කොයි එකටත් නොදකින තරමට හොඳයි මගෙ හිතේ... මොකද මාව හරියට දැකපු කෙනෙක් මා ලඟ ‍රැඳිල ඉඳීවිද...?

No comments:

Post a Comment