කුරු‍ටු ගී පොතෙන්...

"පිළිගැන්වීම...!"

 

මමත් නොදැන මගෙ සිත තුල

නිදා සිටිය මගෙ කවිකම

නිදි දැහැනින් පුබුදා ලූ

ඔබයි මගේ සරස්වතී...

 

ඔබේ නමින් ලියූ සියක්

කව් අතරින් අතලොස්සක්

එක් තැන්කර මෙසේ ඔබට

පිළිගන්වමි...  පිළිගනු මැන...!

 

මම ලියන ඒවායේ නොයෙකුත් අඩුපාඩු ඇති...  වියරණ දොස්, අක්ශර වින්යාස දොස් වගේ ඒවාමා කෙරෙහි කරුණාවෙන් එවන් තැන් පෙන්වා දෙන ලෙස මේවා කියවන උගත් ඔබෙන් මා උදක්ම ඉල්ලා සිටිනවා... 

 

වගේම මෙතෙක් කියවා ප්රතිචාර දැක්වූ සැමට හිස නමා අචාර කර මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටින අතර ඔබට හිතෙන දේ මට ලියා දන්වන්නැයි කියවන සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා...

No comments:

Post a Comment