මගෙ කුරුටු ගී පොත අස්ථාන ගත වෙලා තිබිල අයෙත් කොහෙන්දෝ මතුවුනා. ලියන්න දෙයක් හිතා ගන්න බැරුව පුරාණය වළඳන්න බලාගෙන ඉන්න මට ඒක ලොකු අස්වැසිල්ලක්... මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ කවි සිංදු විතරක් ලියන්න නෙවෙයි. ලියන්න කියල ගොඩක් අදහස් මගෙ හිතේ තිබුන. ඒත් කෝ දැන් ඒවා... ආයෙත් නිර්මාණාත්මකව ලියන්න පුලුවන් කාලයක් මගෙ ජීවිතේට ඒවිද...?
මේ කවිය ඇත්තටම මගෙ ජීවිතේට ගොඩක් සමීප එකක්. මේ අනුභූතිය මට විතරක් නෙවෙයි, සංවේදී හිතක් තියන ලියන කියන කාටත් පොදු එකක් මම හිතන්නෙ...
වියෝගේ මහ වැස්ස ඇදහැලී
වේදනා ගංවතුර ගලා හැලෙනා විටක
සීතලෙන් ගැහි ගැහී පාලුවෙන් සුසුම්ලන
ශෝකයෙන් ඉකි ගසන මගෙ හිතට
උණුසුමක් ගෙනෙන්නට දිවා රෑ
මා අසල ඇවිලෙනා මගෙ කවිය...
සැඳෑ විය පිල් කඩෙන් ගෙට එබෙන
කාත් කවුරුත් නැතිව
ජීවිතේ මාවතේ අතරමං වී හිඳින
කාන්සිය රජකරන මේ මොහොත
ගෙවී ගිය යෞවනේ මතකයෙන්
යලිත් නව ජීවයෙන් පුරවන්න
මා අසල ගැවසෙනා මගෙ කවිය...
ජීවිතෙන් සදහටම සමු අරන්
සුසානයෙ හුදකලා වී නිදන
මතු දිනක
කය දිරා ගියාදෙන්
නොදිරනා නම සමඟ
මලක් වී එක අත්තෙ පිපීයන්
මගෙ කවිය...
Each man carries within him the soul of a poet who died young. ~Sainte-Beuve, Portraits littéraires, 1862
A poet's autobiography is his poetry. Anything else is just a footnote. ~Yevgeny Yentushenko, The Sole Survivor, 1982
ලස්සනයි..
ReplyDeleteලියන්නකෝ තව...
@පිස්සා
ReplyDeleteතැන්කූ...! ඇත්තටම මට දැන් තියෙන්නෙ ලියන්න නෙවෙයි. ඉස්සර ලියපුවා හොයල ටයිප් කරල පෝස්ට් කරන්න විතරයි. මාතින් අලුතින් දේවල් ලියවෙන්නෙ නැතිම තරම්. මගෙ කවි ගංගාව හිඳිලම ගිහින්. සමහර විට උඹල වගේ මම ලියන ඒව ආශාවෙන් කියවන අයගෙන් ලැබෙන ශක්තිය හා ධෛර්යයත් එක්ක ආයෙත් උල්පතක් දෙකක් පෑදෙන්න බැරි නෑ... බලමුකො...