ජීවිතේ ඉතිරි අඩ...(The rest of your life...)

අද තවත් එක නව වසරක පළමු දිනය...  එක්තරා ආරම්භයක්...  ඒත් තව පැත්තකින් බැලුවොත් අදත් තවත් එකම එක දවසක් විතරයි. 

මගෙ ජීවිතේ පැත්තෙන් බැලුවොත් මැද හරියෙ දවසක්.  අද මියගිය කෙනෙකුගෙ පැත්තෙන් බැලුවොත් අවසාන දවස.  කොලම්බස්ගෙ පැත්තෙන් බැලුවොත් අනාගතේ දවසක්.  2029 උපදින්න ඉන්න කෙනෙකුගෙ පැත්තෙන් බැලුවොත් අතීතයෙ දවසක්... 

කොහොම උනත් උදාවන හැම දවසක්ම අලුත් දවසක්.  ඒක අලුත් ආරම්භයක් කරගන්න අපිට පුලුවන්.  මාස 12න් ඕනැම මාසෙක ඕනැම දවසක මේ ආරම්භය සනි‍ටුහන් කරන්න පුලුවන්. 

Today is the first day of the rest of your life... (අද ඔබේ ජීවිතයේ ඉතිරි අඩෙහි පළමුවන දවසයි... )

කොහේ හෝ මා කියවා තිබූ ඒ කියමන අරමුණු කරගෙන බොහෝ කලකට පෙර මාතින් ලියවුනු කවියක් මා අද ඔබ වෙනුවෙන් සටහන් කර තබනවා...

නවෝදය...

උප මාතෘකාව -
Today is the first day of the rest of your life...

මධු විතක් අතින් ගෙන
බමන හිසකින් යුතුව
නිවෙන දුම් වැටියකින්
තව එකක් දල්වමින්

විකල්වූ හදවතින්
අයාලේ ඇවිදිමින්
ගෙවීගිය දිවිමගෙහි
පළමු අඩ නිමාවී

නව ලොවක් සොයාගෙන
නව මගක් දිගේ යන
ජීවිතේ ඉතිරි අඩ
අදින් ඇරඹෙන වගයි…!

කවිවල ලියන ජාති ඇත්තම වෙන්න ඕනැද?  නැහැනෙ නේද?  මොකද ඔය කියන වෙනස තාමත් මගෙ ජීවිතේ සිදු වෙලා නෑ.  විකල් ගතිය නම් දැන් ටිකක් අඩුයි වගේ... වයසත් එක්ක මොනවහරි වෙනසකුත් වෙන්න ඕනැනෙ...

3 comments:

  1. උඹට මඤඤංless, Without අඤඤ කොරොස්,
    full ආතල්, අළුත් අවුරුද්දක් වේවා !!
    ‍(මම දැනුයි මේ පෝස්ට් එක දැක්කේ)

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා.. ;-)

    ReplyDelete
  3. @පිස්සා
    සමාවෙන්ටෝනැ පරමාදයට. මේ දවස් ටිකේ මටත් ලාවට පිස්සු වගේ බං. වැඩ වැඩියි. උඹටත් එළම එළ අලුත් අවුරුද්දක් වේවා...!
    @LG අනේ කෙල්ලෙ අහිතක් හිතන්න එපා සුබ පැතුමට පරතිචාරයක් දක්වන්න ටිකක් පමා වුනාට. කු‍ටුම්භ රක්ෂණයට මාර කාලයක් ගතවෙනවනෙ. ඒ අතරෙ බාගෙට හරි රස්සාවත් කරන්න එපායැ. ඔබටත් සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දකට ආසිරි...!

    ReplyDelete