නිබ්බුත පද


හද පුදසුන මත පිදුන සෙනෙහසට
ලොවේ සියලු දෙන එරෙහිව එද්දී
හදවත සෝකෙන් පුපුරු ගසද්දී
ඉවසා සිටිනා ළඳක් සිටීනම්
එවන් හදක් ලද ළඳ නිවුනේ වෙයි
එවන් ළඳක් ලද හිමි නිවුනේ වෙයි...



පියනගනා මග ගල්මුල් මතුවී
කටු පඳුරින් බාධක ඉදිවෙද්දී
මුවින් නොබැන ඒ සියල්ල ඉවසා
ඉදිරියටම යන ළඳක් සිටීනම්
එවන් හදක් ලද ළඳ නිවුනේ වෙයි
එවන් ළඳක් ලද හිමි නිවුනේ වෙයි...

දසතින් නැගෙනා එරවුම් ගෙරවුම්
නින්දා අපහස සියල්ල එකසේ
මදහස ඉතිරෙන මුවකින් පිළිගෙන
නොසැලී සිටිනා ළඳක් සිටීනම්
එවන් හදක් ලද ළඳ නිවුනේ වෙයි
එවන් ළඳක් ලද හිමි නිවුනේ වෙයි...

No comments:

Post a Comment