සමාරම්භය....

බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න මට උවමනාව තිබුනා ගොඩක් කාලෙක ඉඳලා. ඒත් මොනවා ලියන්නද කියල හිතාගන්න බැරුව බොහොම දිග කාලයක් නිකරුනේ නාස්ති වෙලා ගියා. (මම මුලින්ම මගෙ නමින් බ්ලොග් එකක් open කලේ 2005 දි) කරන්න දෙයක් ඇත්තෙම නෑ. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියල කතාවක් තියනවනෙ.... ගිය හකුරට නාඬන්නේ තියන හකුර ‍රැක ගන්නේ කියලත් කියමනක් තියන නිසා ඒ අනුව හිතල පහුගිය දේවල් ගැන පසුතැවිලි නොවී දැන්වත් මොනවහරි ලියන්න ඕන කියල හිතලයි අද මේ පටන් ගත්තෙ...

මම මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න ඕන මගෙ බ්ලොග් එකේ නම ගැන. ඇයි මම මේ නම ‍තෝරගත්තෙ...? මට මේ අදහස දුන්නෙ තමීර. ලියන්නෙ මොනවද කියල හිතා ගන්න බෑ කිව්වම තමීර කිව්ව 'ඇයි ඔයාට බැරි ඔයාගෙ අත්දැකීම් ගැන ලියන්න' කියල. කතාව ඇත්තනෙ... ඒත් මට ලියන්න තියෙන්නෙ ගොඩක්ම පරණ පිලුනු වෙච්ච අත්දැකීම් ගැන. මොකද මගේ වර්තමාන ජීවන රටාව අනුව අලුත් අත්දැකීම් ජීවිතෙට එකතු වෙන්නෙ බොහොම අඩුවෙන්. (දවසින් වැඩි කාලයක් මම ඉන්නෙ මේ computer එක ලඟ ඉඳගෙනනෙ.) ඉතින් පරන අත්දැකීම් ගැන ලියන නිසා මට හිතුන මගෙ බ්ලොග් එක 'ආවර්ජනා' කියල නම් කරන්න. කොයි එකටත් google පාරක් දාල බැලුවහම දැක්ක දැනටමත් ඒ නම විකිනී අවසාන බව. ඊලඟට ඔලුවට ආවෙ 'ප්‍රත්‍යාවලෝකන' කියන වචනය. මට හිතුනා මම වගේ සරල මිනිහෙකුගෙ බ්ලොග් එකකට ඒ නම බර වැඩියි නේද කියල. සමාන වචනයක් හොයනකොට තමයි මම දැනගත්තෙ 'සිංහාවලෝකන' කියන්නෙත් එම තේරුමම දෙන වචනයක් බව. වහාම google කරල බැලුව, වෙන කවුරුවත් ඒ නම අරගෙනත් නෑ. හරිනෙ ඉතින්.. මගෙ බ්ලොග් එකට අර්ථාන්විත ලස්සන නමක්. තවත් විශේෂයක් තමයි අහම්බෙන් වගේ මගෙ ලග්නෙත් සිංහ වුනු එක. (හොඳ වෙලාවට ඕක 'වෘශභ' නොවුනෙ. එහෙම වුනානම් 'වෘශභාවලෝකන' කියල දාගන්න තිබුන.. ෂෝක් එකට මට ගැලපෙනවත් එක්ක... )

හරි එහෙනම්... බ්ලොග්කරණයට ප්‍රවිශ්ඨ වීම පිනිස සියල්ල සූදානම්...

No comments:

Post a Comment