නිමා කරනු මිස වැඩ ඇති තමා අත...

බොහොම දවසකින්, ඒ කියන්නෙ මාසෙකින් විතර, බ්ලොග් එකට කිසි දෙයක් ලියන්න බැරිඋනා. නිදහසට කියන්න කරුනුනම් ඕනතරම් තියනවා. ඒත් ඒව කියල වැඩක් නෑ...

"නිමා කරනු මිස වැඩ ඇති තමා අත,
පමාවට කරුනු මට උවමනා නැත"

මොනවා හරි වැඩ අතපසු වීමක් උනහම අපි හැමෝම නිතරම ඉදිරිපත් කරන නිදහසට කාරනය තමයි "වැඩ වැඩියි" කියන එක. ඒත් ඒ කියමන කොයි තරම් දුරට ඇත්තද? ඔය ගැන කියන කොට මට මතක් වෙනවා ලඟදි මට ආව ඊ මේල් එකක තිබුන කතාවක්... මම පුලුවන් තරම් කෙටියෙන් ඒක කියන්න බලන්නම්...

එක මහාචාර්යවරයෙක් දවසක් එයාගෙ පන්තියට අරන් ආවලු කට ලොකු බෝතලයකුයි තව අඩුම කුඩුම ටිකකුයි. මහාචාර්යවරයා බෝතලය මේසය උඩ තියල ඒකට තරමක ලොකු ගල්කැට පිරෙව්වලු කට ලඟට එනකම්. එහෙම කරල ලමයින්ගෙන් ඇහුවලු "දැන් බෝතලේ පිරිලද?" කියල. ලමයි සේරම පිලිතුරු දුන්නලු "ඔව්" කියල. මහාචාර්යවරයත් "හරි එහෙනම් බලමු" කියල පොඩි බොරලු කැට ටිකක් අරගෙන අර බෝතලේට දැම්මලු. අනේ බොරලු කැට ටික යසට අර ලොකු ගල් අතර තියන හිඩැස් අතරට තැම්පත් උනාලු. එතකොට ලමයි කිව්වලු "අන්න ඒ පාරනම් බෝතලේ ඇත්තටම පිරිල" කියල. මහාචාර්යවරයත් "හරි එහෙනම්" කියල ගත්තලු වැලි ටිකක්. ඒ වැලි බෝතලේට දැම්මම අර ගල් සහ බොරලු අතරෙ තියන පොඩි හිඩැස් වලට ගානට සෙට් උනාලු. ඒ පාර ලමයි කිව්වලු "අන්න සර් දැන්නම් බෝතලේ නියමෙටම පිරිල" කියල.

ඊට පස්සෙ මහාචාර්යතුමා බැරෑරුම් විදිහට ලමයි දිහා බලල කිව්වලු "අපේ ජීවිතෙත් මේ බෝතලේ වගේ තමයි, අපිට තියනවා මම මුලින්ම දැම්ම ගල් කැට වගේ ඉතා වැදගත් වැඩ, ඒ කියන්නෙ අපේ ‍රැකියාව වගේ දේවල්. ඊලඟට බොරලු වගේ අපේ දෙවැනි මට්ටමේ වැඩ, ඒ කියන්නෙ පවුලේ, හිත මිතුරන්ගේ සහ සමාජයේ වැඩ තියනවා. නමුත් ඒ කිසිම දෙයකින් ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ නෑ. මම අන්තිමට දැම්ම වැලි වගේ තමයි අපේ විනෝදාංශ, බ්ලොග් ලියන එක වගේ දේවල්. ජීවිතේ හරියටම සම්පූර්න වෙන්න නම් අනිත් දේවල් අතරට ඒවත් වැටෙන්න ඕන." කියල මහාචාර්යතුමා කතාව අවසන් කරාලු.

එතකොටම පිටිපස්සෙම පේලියෙ ඉඳගෙන හිටිය කොල්ලෙක් නැගිටල ආවලු ඉස්සරහට. ඇවිත් කොහෙද මුල්ලක තිබිල ඇදල ගත්ත අරක්කු කාලක් අර මහාචාර්යවරයගෙ මේසෙ උඩ තියන බෝතලයට වක්කරල කිව්වලු "කොයි තරම් පිරිල තියන ජීවිතයක උනත් අරක්කු වලට ඉඩ තියනවා" කියල.

බලාගෙන ගියාම ඇත්ත නේද...?

11 comments:

  1. හික් හික්...... ඒකත් ඇත්ත...

    ReplyDelete
  2. සහතික ඇත්ත.
    2015න් පස්සෙත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරමු. තිත තිව්වොත් එහෙම බෝතලේ පුරවන්න වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  3. ඒ ගැන මට නම් බයක් නෑ චින්තක, මිනිස්සු ආසාවෙන් කරන දෙයක් බලහත්කාරෙන් නවත්වන්න බෑ කියල ඉතිහාසය පැහැදිලිවම ඔප්පු කරල තියනවනෙ. පමණ ඉක්මවා යන මත ජනතාවට අගුනයි, සමාජයට අගුනයි... ඒකට තිත තියන්නම ඕන. ඒ ගැන මගෙ කිසිම විවාදයක් නෑ. ඒත් එක කෙරෙන්න ඕන වැට බැඳීම් වලින් නෙවෙයි. ආකල්ප හා සාරධර්ම ජනතාව තුල ඉබේ වගාවෙන විදිහේ සාමාජයීය පරිසරයක් ඇති කිරීම තුලින්. ඉහල සිටම එන ආදර්ශයන් තුලින්... නීති රීති හා බදු වලින් ඒක කෙරෙයිද කියල අපිත් බලා ඉමුකො...

    ReplyDelete
  4. සහතික ඇත්ත! හික්!
    ඕකෙන් කියනව ඇත්තෙ කොච්චර වැඩ වැඩි වුණත් තමන් කැමති දේ කරන්න වෙලාව ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් කියන එක වෙන්න ඕන.

    ReplyDelete
  5. අරක්කු ගැන කතාවනම් කියන්න දන්නෙ නෑ. ඒත් ඕන කම තියනවනම් ඕන දේකට වේලාව හදාගන්න පුලුවන් කියන එක නම් මාත් පිළිගන්නව

    ReplyDelete
  6. @තමීර
    @ඉන්දික
    මට ඇත්තටම කියන්න වුවමනා වුනෙත් ඕකම තමයි... අපි රටේ නැති නිදහසට කාරනා කිව්වට ඇත්තටම තියෙන්නෙ අපිට දැඩි වුවමනාවක් නැති එක විතරයි... අරක්කු කතාව දැම්මෙ නිකම් ඉතින්... හික්!

    ReplyDelete
  7. "කොයි තරම් පිරිල තියන ජීවිතයක උනත් අරක්කු වලට ඉඩ තියනවා"

    ආයි ඉතින් දෙකක් නැහැ
    හැබැයි අරක්කු වලින් පිරිලා නැත්නම් විතරක්

    ReplyDelete
  8. අදයි බන් කියවන්න හම්බ උනේ. ඉබින්න ඕනා අරක්කු කතාවට. මාත් මේ දවස් ටිකේ ලොකු ගලුයි පොඬි ගලුයි පුරවගන ඉතුරුවට වැලි නැතිව දියර වර්ග පුරව පුරව ඉන්නෙ...;)

    ReplyDelete
  9. ඇත්ත නේන්නම් මේ කියන්නේ.හරියට හදාගන්නවනම් වෙලාවක් නෑ කියලා දෙයක් නෑ නේද? හැබැයි අරක්කු වෙනුවට, කෝපි, තේ, පළතුරු යුෂ හොඳ නැද්ද මං අහන්නේ !

    ReplyDelete
  10. @sereneworld
    @anthraX
    පුරව ගන්නෙ මොනවයින්ද කියන එක තීරනය වෙන්නෙ තමන්ගෙ පෞද්ගලික රුචි අරුචිකම් අනුව... කතාවෙන් කියවෙන්නෙ ඉඩ තියනවා කියන එක විතරයි... ඇත්තටම නගෝ පලතුරු යුෂ වුනත් නරක නෑ බ්‍රැන්ඩි වගේ දෙයක් එක්ක කලවම් කරලා ගත්තොත්... නැද්ද anthraX මං අහන්නෙ...?

    ReplyDelete
  11. @sereneworld, @සිංහ,

    පලතුරු යුශ අලුත් පිට බිව්වම මොකද ටිකක් පරණ කරලා (මම කිව්වෙ මේ අවුරුද්දක් විතර) බිව්වම මොකද? ගුණේ එකයි සැර පොඬ්ඬක් වෙනස් උනාට :D අර සිංහ කිව්වත් වගේ කොක්ටේල් පාරක් එහෙමත් හෙන ගුනදායකයි කියල මම කැලෑ පත්තරයක තිබිලා කියෙව්ව.

    ReplyDelete