සාදර සමාරාධනයයි...

හිතේ තෙරපෙන හැඟුම් එකිනෙක
ඉබේ ඉතිරී ගලා යනවිට
කිසිදු වෙනසක් නොකර එලෙසම
ඇඟිලි අතරින් පෑන් තුඩගින්
පත් ඉරුව මත වගුරුවනු මිස
නොලීවෙමි කවි සිතා කිසිවිට...

මං මුලාවී පාර සොයමින්
ජීවිතේ ක‍ටු පඳුරු අතරින්
විඩාවී පියනඟා යන විට
තියුනු විෂ ක‍ටු ඇනී හදවත
සිදුරුවී ඉන් ගලා ගිය ලේ
බිඳු තිබේ කවි ලෙසින් ලියවී...

එසේ ලියවුනු කුරු‍ටු ගී කව්
මෙසේ සටහන් කර තබන්නෙම්
මගේ දුක් වේදනා අතරින්
බිඳක් මා හා බෙදා ගන්නට
ඔබට මින් ඇරයුම් කරන්නෙම්...

No comments:

Post a Comment