මගේ කුරුටු ගී...
මගෙ කුරුටු ගී පොත නම් හම්බ වුනා. ඒත් දිගටම කවිම ලියන්න ගියොත් මම කවි කොළ කාරයෙක් වෙයිද...? මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ කවි ලියන්න විතරක් නෙවෙයි. මට තව ගොඩක් දේවල් තියනවා කියන්න ලියන්න. ඒත් මේ කවි වලට මම ආසයි. ඒව තව කවුරුහරි කියවල පොඩි හරි සතුටක් ලබනවා බලන්න ආසයි. මුලින්ම මේ කවි ලියපු දිනවල මේවා කියවපු එක්කෙනෙක් හරි අද ආයෙත් කියවලා බැලුවොත් මොනවා හිතෙයිද? මගෙ කුරුටු ගී කෑලි ටික publish කරන්න කියල මගෙ යාලුවො (ඇත්තටම අද කෝ ඒ අය...?) කීප දෙනෙක්ම මට කිව්වා. අද මම එක්තරා විදිහකින් එයාලගෙ ඉල්ලීම ඉෂ්ඨ කිරීමක් නේද මේ කරන්නෙ... ඒත් publish කියන වචනෙට එදා තිබුන නිර්වචනයට බ්ලොග් අයිති උනේ නෑ... තාක්ෂණය අලුත් වෙලා... ඒත් ජීවිතේ...? ඒකනම් හොඳටම ජරාජීර්ණ වෙලා...
Subscribe to:
Post Comments (Atom)
කුරුටු ගී පොතේ කවි කියවන්න බොහොම ආසාවෙන් ඉන්නෙ. මොකද ඒ කවි ලියවිලා තියෙන්නෙ ඇත්තටම ජීවිතේ අත් විඳපු බොරු ආටෝප නැති පෑනකින් බව දන්න නිසා.
ReplyDeleteපැකිළෙන්නෙ නැතුව ඒ කවි එකින් එක බ්ලොග් එකේ ලියන්න. එතකොට ඒ කවිත් සීගිරි කුරුටු ගී වගේ පරම්පරාවෙන් පරම්පරාව කියවමින් රස විඳීවි.
සුබ පැතුම්!