'හෙට ඉරක් පායයි' ......................... ද???


මහගම සේකර මහත්තයගෙ 'හෙට ඉරක් පායයි' පොත අද මට අහම්බෙන් වගේ හම්බවුනා.  ඒක අතට අරන් බලන කොට මුලින්ම පෙරලුන 8 වෙනි 9 වෙනි පිටුවල තියෙන්නෙ මෙන්න මේ කවිය.

'වසා දමමි මුලු මහත් අතීතය
වසා දමමි අනාගතය
වර්තමානය පමණි ජීවිතය'

එකෙනෙහිම
අතීතය
හොරෙන් විත්
පෙනෙන
නොපෙනෙන                          දුරට
පෙන්වයි ඇඟිල්ල දික්කර
අර බලපන්
අර බලපන්
අනාගතේ
සොඳුරු සිහින

මගේ හීන කවදා හරි හැබෑ වෙයන්
තවත් හීන ඉන් පස්සේ උදා වෙයන්
බලාපොරොත්තුව
මා හැර දමා නොයන්
නිදා ඉන්නකොට සිහිනෙන් සිනා සියන්

සේකර මහත්තයා 'හෙට ඉරක් පායයි' කෘතිය තුලින් කවියේ ආකෘතිය පිළිබඳ යම් විදිහේ අත්හදා බැලීම් කරල තියනවා.  ආකෘතිය කියල මං කිව්වෙ කවියේ බාහිර පෙනුම.  අකුරු වල ප්‍රමාණය, අකුරු නොවන සංකේත භාවිතය හා ඒවා පිටුව මත සකසා ඇති ආකාරය ආදිය තුලින් තමා කියන්නට හදන අදහස ඉදිරිපත් කිරීම හෝ එම අදහස වඩාත් තීව්‍ර ලෙස ප්‍රකාශ කිරීම සඳහා එතුමා ම්හිදී උත්සාහ කර තිබෙනවා.  කාව්‍ය කරණයේ නව මං සොයා යන අයට කියවිය යුතුම කෘතියක් ලෙස මෙය නිර්දේශ කල හැකියි.  මම ඒ ගැන වැඩි දුර කියන්න යන්නෙ නෑ, මොකද මම සාහිත්‍යය ගැන ගොඩක් දන්න පණ්ඩිතයෙක් නොවන නිසා. 

මට මේ කවිය කියවද්දි මතක් වුනා මම ලියපු කවියක්.  මට ඒක ලියන්න අදහස ආවෙ නම් සේකර මහත්තයගෙ කවියෙන් නෙවෙයි. මම ඊලඟට ඒ කවියයි නිදාන කතාවයි ලියන්නම්කො...

No comments:

Post a Comment