නෙලන්න බැරි මල්...


     වචන දහසකින් කියන්න බැරි දේවල් එක ඡායාරූපයකින් කියන්න පුළුවන්ලු...  මං හිතන්නෙ ඒ කතාව ඇත්තටම ඇත්ත.

     මේ තියන සේයාරුව මගෙ කැමරාවට හසු කර ගත්තෙ නේපාලෙ කාත්මන්ඩු නුවරදි.  මම නැවතිලා හිටිය නවාතැනේ ජනේලෙන් පෙනුන දසුනක්.   මම එහෙ හිටපු දවස් ටිකේ උශ්ණත්වය බිංදුවෙනුත් අංශක කිහිපයක් පහළට බැහැල තිබුනෙ.  ඒත්  ඉවසන්න බැරි හීතලේ වුනත් මම හැමදාම උදේ අවදිවෙලා ඉස්සරහ සඳළුතලයට ගිහින් ඈතින් පේන කඳු වැටි දිහා බලා ඉන්න ආසයි.  හිම වලින් වැහුනු ඒ කඳු පංති හරිම සුන්දර දසුනක්.  මගෙ නවාතැන තිබුනෙ ගොඩනැගිල්ලෙ හතර වැනි තට්‍ටුවෙ නිසා බාධාවකින් තොරව බලා ගන්නත් පුළුවන් කම තිබුනා.

     ඔහොම කඳු දිහා බලා ඉන්න ගමන් නිකමට වගේ පහළ බලපු වෙලවක තමයි මේ වැටෙන් එහා මල මගෙ නෙත ගැ‍ටුනෙ.  මට එක පාරටම මතක් වුනේ දයාන් විතාරණගෙ ගීතය...

     මේ ගීතයෙන් කියවෙන විදිහට අනුන්ගෙ වත්තෙ කියල ඉවස ගෙන ඉන්න අයත් ඉන්නව, එහෙම ඉවසන්නෙ නැති අයත් ඉන්නව.  අපේ ඉතිහාසෙ කියවෙනව අනුන්ගෙ වත්තක පිපුනු මලක් නෙලල ඒකට ජීවිතෙන් වන්දි ගෙව්ව සිද්ධියක් ගැන අනුවේදනීය පුරවෘත්තයක්.  ඔබ සියළු දෙනාම අහල ඇතිනෙ දස්කොන් ප්‍රමිලා කතාව.  ඒ කතාව එක්ක බැඳුනු ලස්සන කවි ටිකක් තියනව.  අපි ඊලඟ පෝස්ට් එකෙන් කියවමු...

2 comments:

  1. wow great..WE need more ...

    ReplyDelete
  2. Thank you very much for your great encouragement... Yes, I will try to write something...

    ReplyDelete