තමීර සහ සිංග්‍රීසි පරිවර්තකය

තමීරගෙ සිංග්‍රීසි පරිවර්තකයේ අලුත්ම සංස්කරණය හම්බ උනා. ඒක නිසා තමයි මට බ්ලොග් එකක් ලියන්න මේ තරම් ඉක්මනට පටන් ගන්න පුලුවන් උනේ. සිංහල ටයිප් කරන එක විතරක් නෙවෙයි, බ්ලොග් එක හදා ගන්නත් තමීර මට ගොඩක් උදවු කලා. ජීවිතේට කවදාවත් හමුවෙලාවත් දැකලාවත් නැති කෙනෙකුට උදවු කරන්න හිත් දෙන්නෙ මොන තරම් සුන්දර හදවතක් තියන කෙනෙකුටද? ඒ වගේ සුන්දර, කාරුනික හදවත් තියන කොල්ලො තව සෑහෙන පිරිසක් මට ඉදිරි දිනවලදි මේ බ්ලොග්කරනය හරහා හමුවේවි කියන බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනය මට ලොකු දිරියක්, ශක්තියක්.

තමීරගෙ සිංග්‍රීසි පරිවර්තකයේ help මෙනුවට ඇතුල් කරල තියනව මාර ලස්සන කියමනක්. ඒකත් හරියටම මටම කියපු එකක් වගේ... මම ඒක මෙතන කියන්න යන්නෙ නෑ. ඔයාලත් software එක download කරගෙනම බලාගන්න.

No comments:

Post a Comment